කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් මෙරට කුඩා මධයම පරිමාණ ව්‍යවසායකයින්ට ඇති වන අයහපත් බලපෑම අවම කරලීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක හදිසි ප්‍රතිචාර සංරචකයක් ඇතුළත්, ඩොලර් මිලියන 165 ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.
එම ණය මුදලට අමතරව, දරිද්‍රතාව අවම කිරීම සඳහා වන ජපාන අරමුදල යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1 යි දශම 5 ක ප්‍රදානයක් ලබාදීමට ද එකඟ වී ඇකි බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අද (27) ප්‍රකාශ කෙරුණි.
අදාළ ණය මුදල් සහ ප්‍රදානයන් ලබා ගැනීමේ ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...