කොවිඩ් 19 වයිරසය දිවයින පුරා ව්‍යාප්ත වීමේ අවදානම මත ලොතරැයි දිනුම් ඇදීම්, පවතින තත්ත්වය පාලනය වනතෙක් තාවකාලිකව අත්හිටුවන්නැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය විසින් ලොතරැයි මණ්ඩල ද්විත්වයෙන් ඊයේ (26) ඉල්ලා ඇත.
එම සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ ‘අරුණ’ට පැවසුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරුන්ගෙන් ඊයේ කළ මෙම ඉල්ලීම තුළින් මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරු වශයෙන් පැතිර යන මෙම වයිරසය ලොතරැයි පොකුරක් වශයෙන් පත්වීමට ඉඩකඩ නොදෙන ලෙස අවධාරණය කළ බවය.
දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 64කට පනවා ඇති ඇඳිරිනීතිය හේතුවෙන් ලොතරැයි අලෙවි නියොජිතයන් සහ අලෙවි සහායකයන් 25,000ක් පමණ පීඩාවට පත්ව සිටින බවත් ලක්ෂ 54ක්ව පැවැති දෛනික ටිකට් පත් අලෙවිය ලක්ෂ 15ක් දක්වා පහත වැටී ඇති බවත් ක්‍රිෂාන් මාරඹගේ පෙන්වා දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...