දේශීය පුවත්

ජනතාව සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම්, කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීමට ඉඩක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ (26) දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයට පැය 14ක කාලයක් ඇඳිරි නීතිය ලිහිල් කළ බවත්, එහිදී ජනතාව හැසිරී ඇති ආකාරය කණගාටුවට කරුණක් බවත් ඒ මහතා සඳහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,

“ඇත්තටම මේ රෝගය හැදෙන්නේ නැති බවට හොඳම සාධකයක් තමයි අපේ IDH රෝහල. පළමු කොරෝනා රෝගියා හමුවුණේ මාර්තු මාසයේ 11 වෙනිදා. ඔහු ප්‍රතිකාර ලැබුවේ IDH රෝහලේ. එදා ඉදලා කොච්චර සංඛ්‍යාවක් ද? අද වෙන කොට නම් රෝහල් සංඛ්‍යාව 28ක් දක්වා වැඩිවෙලා තියෙනවා. නමුත් ප්‍රතිකාර ලැබුවේ වැඩිදෙනෙක් IDH රෝහලේ. මට සෞඛ්‍ය අංශ දැනුවත් කළ විදියට ඊයේ දිනය වෙනතෙක් IDH රෝහලේ කිසිදු සේවකයෙක්ට, හෙදියකට හෝ කිසිම කෙනෙකුට මේ රෝගය ආසාදනය වෙලා නෑ. මොකද්ද ඒකෙ රහස ? අමුතු දෙයක් නෙමෙයි නේ. ඒ රහස තමයි මුඛ ආවරණ පැළඳීම, අත් පිරිසිදු කර ගන්න එක, ඒ වගේම හැම අවස්ථාවක දීම දුරස්ථභාවය තබා ගෙන කටයුතු කරලා. එතැන තමයි වැඩිපුරම කොවිඩ් රෝගීන් හිටියේ. නමුත් එක සේවක සේවිකාවකට හෝ සෞඛ්‍ය අංශයේ කාටවත් ඒ රෝගය වැළඳිලා නෑ. එහෙම වුණේ ඒවට අනුගත වුණ නිසා. ජනතාව හරියටම ඒකට අනුගත වෙලා කටයුතු කළොත් අපි ඔක්කෝටම නැගිටින්න බැරිකමක් නෑ.“ 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More