දේශීය පුවත්

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අගමැති මහින්ද රාජපක්ෂ සමග එකගතාවයකට පැමිණි බව, එම පක්ෂයේ නියෝජ්‍ය නායක, එච්.එම්.එම්. හාරිස් පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, Daily Mirror පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හාරිස්, විස්සට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු සිව් දෙනාගෙන් එක් අයෙකි.

තමන් ඇතුළු පිරිස, විසිවන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීමට පෙර, අගමැතිවරයා ඇතුළුව ආණ්ඩුවේ ප්‍රධානීන් සමග වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡ කර එකගතාවයකට පැමිණි බව ඔහු පවසයි.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව තමන් ඡන්දය ප්‍රකාශ කළේ, පක්ෂ නායක රාවුෆ් හකීම් ගේ ද ආශිර්වාදය ඇති ව බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More