පවතින ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ පාම් තෙල් ටොන් මිලියන 25ක් පමණ මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ පමණක් ගොඩ ගැසී ඇති අතර අමෙරිකාව ,යුරෝපය,ඉන්දියාව ,චීනය වැනි වෙලදපොලවල් වෙනුවට කුඩා වෙලදපොලවල් ගණනාවක් විවෘත කර එම තොගය තල්ලු කිරීමේ උපායමාර්ගයකට එම රටවල් අවතීර්ණ වෙමින් සිටීන බව පවසන කර්මාන්තකරු අරුණ කාන්ත බණ්ඩාර මහතා පොල් කර්මාන්ත කරුවන් සහ ගෝටාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලය තුල පොල් නිෂ්පාදනය දෙගුණ කිරීමට සැලසුම්කරගෙන සිටින යහපත් බලධාරීන් ඒ පිලිබදව අවදියෙන් සිටි යුතු යයි අවධාරණය කරයි.
පාම් තෙල් පිලිබද සමුළු පැවැත්වීම, නව බෙදාහරින්නන් බිහිකිරීම සේම කුලියට පර්යේෂණ කරන සෞඛ්‍ය සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් වරුන් යොදා පොල්තෙල් සෞඛ්‍යට අහිතකර යයි ප්‍රකාශ කිරීම වැනි සැලසම් ආසියාව ,අප්‍රිකාව සහ ලතින් අමෙරිකාව පුරා සිදුවීම මේ දිනවල නිරීක්ෂණය කල හැකි යයි ප්‍රකාශ කරයි.
සිරියානු යුද්ධය සමග තුර්කි දේශසීමාවේ පැවති දැවන්ත සිරියානු ඔලිව් අස්වැන්න සොරකම් කරගත් තුර්කි වෙලද සමාගම් එම තොග අලෙවිකරගැනීම සදහා ක්ෂණිකවම පොල්තෙල් සෞඛ්‍යට අහිතකර කර බවට දැවැන්ත ප්‍රචාරයක් 2018 වර්ෂයේදී දියත් කිරීම මෙයට හොදම උදාහරණය යයි ඔහු ප්‍රකාශ කරයි.
පාම් තෙල් ආනයන බදු සහ සෙස් බදු තව දුරටත් කූට ලෙස ඉවත් කර පොල් ඉඩම් වල 50% ක් වන පැරනි වගාව සහ හිස්තැන් වගා කිරීමේ උපායමාර්ගික සැලැස්ම සදහා වෙන් වන මුදල් ප්‍රමාණය සූක්ෂම ලෙස අඩු කිරීමේ ඉඩකඩක් පවතින බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.
පසුගිය සතියේ රු 55 ක වැනි ඉහල අගයකින් සීනි වල බදු ඉවත් කිරීමෙන් අර්බුදය මුහුණදෙමින් සිටින පැලවත්ත ,සෙවණගල සමාගම් සහ මෑතකදී හිඟුරාණ සීනි සමාගම වෙත දැවැන්ත ආයෝජනයක් සිදුකර ඇති LOLC -BROWNS සමුහය මෙන් පොල් කර්මාන්ත සහ වගා කරුවන්ද එලෙසම අර්බුදයට යාමට ඉඩ ඇති බව ඔහු පවසයි.
කෝවිඩ් අර්බුදය පෙන්වා පසුගිය සතියේ සීනි මිල අඩුකර ගැනීමේ ආසන්නම හේතුව පසුගිය වසරේ ලැබුනු වැසි සමග ඉන්දියාවේ සිරවී ඇති සීනි ටොන් ලක්ෂ 60 ක අතිරික්ත නිෂ්පාදනය විකුනාගැනීම සදහා කුඩා වෙලදපොලවල් විවෘත කිරීමේ ගැටයට සාර්ථක ලෙස ශ්‍රී ලංකාව හසුකර ගැනීමට ඉන්දියාව සමත්වීම යයි පවසන ඔහු පාම් තෙල් සදහාද එම උගුලම යොදා ශ්‍රී ලංකාව හසු කර ගැනීමට දූෂිත නිලධාරින් සහ ඩීල් කරුවන් ස්ථිර වශයෙන්ම කටයුතු කරනු ඇතැයි බණ්ඩාර මහතා උපකල්පනය කරයි.
සබැඳි පුවත් – https://www.yahoo.com/news/india-needs-export-6-million-095814392.html
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
පාම් තෙල් වල බදු මේ වන විට ඉතා ඉහළ අගයක පවතින අතර, පොල් තෙල් සඳහා බදු සහන ලබා දී ඇත. මීට අමතරව පාම් තෙල් සැපයුම අවම බැවින් පාම් තෙල් මිල ද ඉහළ ගොස් ඇත.
වෛද්‍ය වෘත්තිකයන්ගේ පෙන්වා දීම සාධක පදනම් වූවක් වන අතර හුදෙක් බොරු මතයක් ප්‍රකාශ කිරීමක් නොවන බව, ඔවුන්ගේ සාධක අධ්‍යයන කල අය හට පැහැදිලි වනු ඇත.
මෙම ලිපිය කිසිදු සාධකයක් නොමැතිව යම් වැරදි අවබෝධයක් පාඨකයන් අතර පැතිරීමට ගත් උත්සාහයක් බව, මෙහි අඩංගු කරුණු පිළිබඳව හොඳින් විශ්ලේෂණය කළ විට පැහැදිලි වේ.