කොවිඩ් වසංගතය පැතිරී ඇති ඇමරිකාවේ සිට රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් පැමිණීමේදී ඔවුන් මෙරට දින දහහතරක් නිරෝධායනය වීමට අවශ්‍ය නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.
පැය විසිහතරක කාලයක් තුළ සීමිත පිරිසක් හමුවීමට පැමිණෙන බැවින් ඔවුන් නිරෝධායනය වීම අවශ්‍ය නොවන බව පවසන අධ්‍යක්ෂවරයා ඔවුන් එම රටින් පිටත් වීමට ප්‍රථමව පී.සී ආර්. පරීක්ෂණයක් සිදුකරන බවත් මෙහි පැමිණි පසුවද සෞඛ්‍ය අංශ විසින් අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ ඊයේ (26) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා.
මෙම තත්ත්වයට හොඳම උදාහරණය තමයි නැගෙනහිර මුහුදේ නැවක් ගිනි ගත් අවස්ථාවේදී රාජ්‍ය තාන්ත්‍රික අන්දමින් කටයුතු කළ විදිය. නිරෝධායනය කියන්නේ රෝගය පැතිරීම වැළැක්වීමට ගන්නා පියවරක්. මෙම රාජ්‍ය තාන්ත්‍රික පිරිසෙන් කොවිඩ් පැතිරෙන්නේ නෑ කියන විශ්වාසය මතයි මෙම පැමිණීම සිද්ධවෙන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...