පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතයන්ට කළ පී.සී.ආර්. පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොයෑම ප්‍රතික්ෂේප කළ 18 දෙනකුට වැඩි පිරිසක් මාළු වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි අපවිත්‍ර ජලය පිරි ඇළ මාර්ගයට පැන එගොඩට පීනා පලා ගොස් ඇත.
ඉකුත් (19 වැනිදා) සඳුදා අහඹු ලෙස කළ 109 දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණවලදී 49 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු විය.
මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය නිරත පිරිස් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ද ඇතුළුව 1200 දෙනකු පමණ එදින රාත්‍රී 10.00ට ආසන්න හෝරාව වන තෙක් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කර තිබේ.
පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් එක්ව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු එම ස්ථානයට පැමිණි බස්රථවලින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර ඇත.
පලා ගිය පිරිස සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර තමන් කළ වරද පිළිබඳ අවබෝධ කරගත් කීපදෙනෙක් බලධාරීන් වෙත දුරකථන ඇමතුම් ලබාදී යළිත් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කරන ලෙස ඉල්ලා සිට ඇතැයි පෑලියගොඩ නගර සභාවේ නිලධාරියකු පැවැසීය. මේ පිරිස අතර මත්කුඩු පානයට ඇබ්බැහි වූවන්ද සිටින බැවින් ඔවුන්ට මත්කුඩු නොමැතිව සිටිය නොහැකි බැවින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යෑම ප්‍රතික්ෂේප කරන බව එම නිලධාරීහු පැවසූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...