දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රිත කොවිඩ් රැල්ල ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
පෑලියගොඩ අනුපොකුරත් සමග ආසාදිතයින්ගේ පැතිරිම දිවයිනේ සෑම ප්‍රදේශයකම විහිදී පවතින බවත් මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිපදෙනෙක්ද මේ වන විට වාර්තා වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
“දිවුලපිටිය සහ මිනුවන්ගොඩ අශ්‍රිත කොවිඩ් 19 දෙවෙනි රැල්ල ලෙස සැලකෙන වසංගත තත්ත්වය මේ වන විට ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් තියෙනවා. පෑලියගොඩ ප්‍රදේශයෙන් වාර්තාවුණු අනුපොකුරේ රෝගීන් එක්ක මෙ පොකුරේ වාර්තාවුණු රෝගීන් දිවයින පුරාම විහිදී ඉන්නවා. එමෙන්ම ලංකාවේ අපිට මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිපදෙනෙකුත් මෙ වෙද්දි වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මෙ තත්ත්වය ඉතාම භායානකයි. ඒ වගේම බස්නාහිර පළාතේ කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයෙන් ගිලිහෙමින් පවතිනවා”.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...