ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව පූර්ණ විශ්වාසය තැබිය හැකි වුවත්, ඔහු වටා සිටින ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා කලාපය ගැටලුසහගත බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. විශේෂයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වැනි පුද්ගලයන්ගේ උපදෙස් ලබාගෙන රට ගොඩනැගිය නොහැකි බවද උන්වහන්සේ අවධාරණය කර සිටියි.
‘ඉදිරියේදී ඔබතුමා බලාපොරොත්තු වෙන සෞභාග්‍යයේ දැක්ම නං කවදාවත් පී.බී. ජයසුන්දර වගේ අය ලංකරගෙන ක්‍රියාත්මක කරන්න වෙන්‍නෙ නෑ. ජනාධිපතිතුමනි, ඔබතුමා පළමුවෙන් කරන්න ඕන කාර්යය තමයි මේ වගේ නිළධාරීන්ගෙන් ඈත් වෙන එක, එවැනි අයගෙ උපදෙස් නොගන්න එක.’
‘එතුමාට රාජ්‍ය තනතුරු දරන්න බෑ කියලා නඩු තීන්දුවකුත් තියනවා. එයාලා කරන්නෙ තමන්ගෙ පුටුව ආරක්ෂා කර ගන්න එක මිසක් රට හදන එක නෙවෙයි. මේ වගේ අය රටට ආදරේ කරයි කියලා විශ්වාස කරන්න බෑ. ඒ නිසා මේ වගේ පුද්ගලයන් වෙනුවට රටට ආදරේ කරන අයගෙ උපදෙස් ගන්න ජනාධිපතිතුමා කල්පනා කළ යුතුයි’
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...