දේශීය පුවත්

දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්ඳන් 07කට සහ ඉන් එක් අයෙකුගේ බිරිඳකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ, මොවුන් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයන් බවය.

ඒ අනුව නැවත දැනුම්දෙනතුරු දෙහිඕවිට, ඉහළ තල්දූව , පහළ තල්දූව, ඇපලපිටිය සහා තිඹිරිපොල යන ග්‍රාම නිලධාරීන් වසම් හුදෙකලා ගම්මාන බවට පත්කළ බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය වෛද්‍ය මදුවන්ති විජේසිංහ මහත්මිය,

“පසුගිය 21 වන දා දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක් වාර්තා වුණා. ඒ අනුව ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් හඳුනාගෙන ඒ එක්කම පෑලියගොඩ මාළු වෙළෙඳාම සඳහා ගිය වෙළෙඳ මහතුන් කිහිපදෙනෙකුත් හඳුනා ගෙන ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකළා 23 වන සිකුරාදා. එහි ප්‍රතිඵල අනුව මේ වන විට අපිට තොරතුරු ලැබුණා 8 දෙනෙක් මෙම රෝගයට ගොඳුරු වෙලා කියලා. ඒ අයගේ 7 දෙනෙක් මාළු වෙළෙඳාම සඳහා පෑලියගොඩට ගිය අය. මේ අයගේ ආශ්‍රිතයි බැලුවහම මේ අය ගොඩක් සැරිසරලා තියෙන්නේ තල්දූව සහ දෙහිඕවිට කියන ප්‍රදේශ. ආශ්‍රිතයින් ගත්තහම විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ අය හඳුනාගෙන නිරෝධායනය කිරීම ඉතා අපහසු කාර්යක්. ඒ නිසා මේ රෝගීන් බහුලව ගැවසෙන දෙහිඕවිට, ඉහළ තල්දූව , පහළ තල්දූව, ඇපලපිටිය සහා තිඹිරිපොල යන ග්‍රාම නිලධාරීන් වසම් හුදකලා කළොත් එය කිරීම පහසු වෙනවා.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More