දේශීය පුවත්

– 20 අත්පත් කරගත් බලයෙන්

– මෙරට දියුණු කිරීමට විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය හෝ තුනෙන් දෙකක බලයක් රජයට අවශ්‍ය නොවන බවත් වත්මන් ආණ්ඩුව විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අත්පත් කරගත් බලය කිසිවක් රටේ සංවර්ධනය සඳහා භාවිතා නොකරනු ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ඊයේ  (25 වැනිදා) පැවසීය.

වත්මන් ආණ්ඩුව දේශපේ‍්‍රමී සළු පිළි දරා ගෙන බරපතළ වංචාවක් සිදු කරමින් ඇති බවත් එහෙයින් ආණ්ඩුවේ බොරු දේශපේ‍්‍රමී ගුලි ගිලින්න එපා යැයි ජනතාවට දන්වා සිටින බවත් හෙතෙම පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ඊයේ ( 25 වැනිදා) මෙම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.

ඔක්තෝබර් මාසයේ 28 වැනිදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට එන බව නිල වශයෙන් ඇමරිකාවත්, ශ‍්‍රී ලංකාවත් තහවුරු කර තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළදී ලෝකයේ බලවත් රටවල් ශ‍්‍රී ලංකාවට සුවිශේෂී මැදිහත්වීමක් කළ බව කවුරුත් දන්නවා. ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ හැටියට ජනතාව දැනුවත් කරන්න ඕනෑ. පවතින කොවිඞ් තත්ත්වය යටතේ ජනතාවත් සෞඛ්‍ය අංශත් අදාළ නිරෝධායන කටයුතු අනුව කටයුතු කළත් ශ‍්‍රී ලංකා රජයත් විදේශ බලවත් රාජ්‍යයනුත් ඒ නීතිරීති කිසිවක් පිළිපදින්නේ නැහැ. ජනතාවට මුඛවාඩම් දාගන්න කියලා, ඉතාම හදිසි තත්ත්වයක් යටතේ සිදුවන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ‍්‍රී ලංකා සංචාරය පිළිබඳව මතුවන ගැටලූ රාශියක් තිබෙනවා.

ඇමරිකාව තුළත් ලෝකය තුළත් ලංකාවෙත් මෙතරම් බරපතළ තත්ත්වයක් තිබියදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසියේ නිල සංචාරයකට පැමිණීමේ හේතුව ශ‍්‍රී ලංකා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. ඇමරිකානු ජනාධිපතිවරණය යෙදී තිබෙන්නේ නොවැම්බර් 03 වැනිදාට. මයික් පොම්පියෝ එන්නේ මේ මාසේ 28 වැනිදා. ජනාධිපතිවරණයට දින 5ක් තිබියදී ඇමරිකානු අධිරාජ්‍යයේ යුද සහ දේශපාලන පණිවුඩ ලෝකය වටේ ගෙනියන පණිවුඩකරුවා ලංකාවට එන්නේ ඇයි? අපේ රටේ රාජ්‍ය නායකයන් සමඟ ඇමරිකානු නායකයන්ට අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය නම් එය අන්තර්ජාලය ඔස්සේ කළ හැකියි. එවැනි අත්දැකීම් රාශියක් තිබෙනවා. ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලංකාවේ ජනාධිපතිවරයාට අක්තපත‍්‍ර භාරදුන්නේ ඔන්ලයින් ක‍්‍රමයට. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වැනි සංවත්සරයට ලෝකයේම රාජ්‍ය නායකයන් සම්බන්ධ වුණේ ඔන්ලයින් ක‍්‍රමයට. ඇමරිකාව, සුඩානය සහ ඊශ‍්‍රායලය ගිවිසුමක් අත්සන් කළේ ඔන්ලයින් ක‍්‍රමයට. එසේ තිබියදී ඡුන්දයට දවස් පහකට කලින් මයික් පොම්පියෝ එන්නේ ඇයි? ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඔහුගේ පැමිණීම ස්ථිර කරන්නේ සතියකට පමණ පෙර. එක්කෝ වසන් කිරීමක්. නැත්නම් 20 සංශෝධනයෙන් පසුව හිටපු ඇමරිකන් පුරවැසියෙක් වන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විශාල බලතල ප‍්‍රමාණයක් ගැනීමෙන් පසුව නිවේදනය කළාද කියලා ගැටලූවක් තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ පැමිණීම ස්ථිර කරන්නෙත් 23 වැනිදායි. විදේශ රාජ්‍ය තාන්ත‍්‍රිකයකු පැමිණීමේදී සාකච්ඡුා කරන කරුණු කලින් නිවේදනය කරනවා. නමුත් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ පවා සාකච්ඡුා කෙරිලා නැහැ. මයික් පොම්පියෝ සමග ඇමරිකානු ආරක්ෂක ලේකම් මයික් එස්පර් ඉන්දියාවට යනවා. ඔහුත් ලංකාවට එනවාද කියලා වාර්තා කරලා නැහැ.

ලෝකයේ වැඩිම කොරා්නා රෝගීන් සිටින ඇමරිකාවේ ඉඳලා ඊළඟ වැඩිම රෝගීන් ඉන්න ඉන්දියාවට ගිහින් ලංකාවට එනකොට නිරෝධායන නීතිරීති බරපතළව ක‍්‍රියාත්මක විය යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව සහ ආණ්ඩුවට හිතවත් මාධ්‍ය අපේ රටේ කොරෝනා ව්‍යාප්තිය ගැන වාර්තා කිරීමට පැකිලූනාට එහි බරපතළ තත්ත්වයක් තියෙන්නේ. කොරෝනා සම්බන්ධ නීතිරීති ධනවතුන්ට සහ බලවතුන්ට අදාළ නැති බව තොණ්ඩමන් මහතාගේ අවමඟුල් උළෙලේදී පළමුව අපි දැක්කා. පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමේදීත් ඒ බව දැක්කා. නමුත් දුප්පතුන්ට රෝගය වැළඳුණාම ඔවුන් ආගිය තැන් හැම තැනක්ම ප‍්‍රචාරය කරනවා. ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇතිවුණු පොකුර සම්බන්ධයෙන් රෝගී වූ සේවිකාවගේ ඡුායාරූප සියල්ල පළ කළත් ප‍්‍රධානීන් සම්බන්ධ කිසි දෙයක් වාර්තා කර නැහැ.

ග්ලෝබ් මාස්ටර්-3 කියන ගුවන් යානය මීට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණියා. ඇමරිකන් සෙබළුන් 134ක් පමණ සහ වාහන ගෙනියන්න පුළුවන් මේ යානයෙන් පැමිණි පුද්ගලයන් කවුද? මොවුන් සුපර් හියුමන්ලාද? නැත්නම් ලංකා ආණ්ඩුව ධනවතුන් සහ බලවතුන් ඉදිරියේ කොරෝනා නීති ක‍්‍රියාත්මක කරන්නේ නැති බවට තවත් උදාහරණයක්ද? ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එන්නේ මල් පැළ බෙදන්න නෙවෙයි. තර්ජනය කරන්න. ලංකාව දණගස්වලා එන්නේ. එසේ එන අයගේ ආරක්ෂක බල ඇණිය ඇවිල්ලා නතර වෙලා ඉන්නේ කොහෙද? ඔවුන් යන්නේ එන්නේ කොහෙද? මොවුන් නතර වෙන හෝටල්වල සේවක සේවිකාවන්ගේ ආරක්ෂාවට වග කියන්නේ කවුද?

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ දකුණු ආසියානු කලාපය භාරව ඉන්න නියෝජ්‍ය රාජ්‍ය ලේකම් යන දෙදෙනාම ඔක්තෝබර් මාසයේ 23 වැනිදා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡුාවක සටහන් තිබෙනවා. ශ‍්‍රී ලංකා සංචාරය සම්බන්ධව නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර තියෙන්නේ ”ලංකාව තමන් කවුරු එක්කද යන්නේ කියන දුෂ්කර තීන්දුව ගන්න ඕනෑ කියලා. ‘අත්‍යවශ්‍ය තීන්දුවක්’ බව ඔහු අවධාරණය කරනවා. එන්න කලින්ම තර්ජනය කරලා එන්නේ. මේ ආණ්ඩුවට දේශපේ‍්‍රමී සළුපිළි අන්දපු විශාල පිරිසක් ඉන්නවා. ඉන්දියානු අගමැතිවරයා ලංකාවට එනකොට කළුකොඩි දාන්න කියපු කට්ටියත් ආණ්ඩුවේ ඉන්නවා. මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ නරි කෙඳිරිල්ලක්වත් නැත්තේ ඇයි? ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දේශපේ‍්‍රමීත්වයක් ආරෝපණය කරපු අයගෙන් අපි අහන්නේ රටට තර්ජනය කරලා එන මේ පිරිස ගැන, තර්ජනාත්මක ප‍්‍රකාශ ගැන, ආණ්ඩුවේ ඉන්න ඇමරිකානු පුරවැසියන් විරෝධය පළකරන්න ඕනෑ. අපේ මාතෘභූමියේ පුරවැසිභාවය අත්හැරි මේ ¥ෂිත පුද්ගලයන් කවදාවත් අපේ රටේ ස්වෛරීත්වය, ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙන්නේ නැති බව අපි දිගටම කිව්වා. ආණ්ඩුවට සහය දුන්න ජනතාවත්, ආණ්ඩුවට සුදුහුණු ගාන තමන්ගේ මාධ්‍ය ස්වාධීනත්වය නැතිකරගත් ආයතනත් මේ ගැන මොකද කියන්නේ.

20 වැනි සංශෝධනය සම්මත කර ගත්තාට පසු හදිසියේ පැමිණීම තුළ බ්ලැක් මේල් කිරීමක් තියෙනවාද කියන ගැටලූව අපිට තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයාත් හිටපු ඇමරිකානු පුරවැසියෙක්. ඔහු ඡුන්දය ඉල්ලන අවස්ථාවේදී ඒ පුරවැසිභාවය ඉවත් වෙලා තිබුණාද කියන එක ප‍්‍රශ්නයක්. ඇමරිකානු නිල ලේඛනයට නම ඇතුළත් වුණේ ජනාධිපති වෙලා මාස 5කට පස්සේ. යුද තර්ජනත්, දේශපාලන තර්ජනත්, බ්ලැක් මේල් කිරීමත් ඉතා තදින් ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය තුළ තිබෙනවා. ජනාධිපතිවරයාගේ පුරවැසිකම බ්ලැක් මේල් කරමින් රාජ්‍ය ලේකම්වරයා මැදිහත් වෙනවාද කියන එක ප‍්‍රශ්නයක්. මේ මැදිහත්වීමේ අරමුණ චීනය සමඟ තිබෙන බල අරගලයේදී ලංකාව ඇමරිකාව පැත්තට ගන්න එකයි. අපේ රටේ ආණ්ඩුව එය හැංගුවත් ඇමරිකාව එය ප‍්‍රකාශ කර තිබෙනවා. රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාවේදී දින දෙකක් සාකච්ඡුා කරන්නේ ආර්ථික හෝ කොවිඞ් ගැටලූවට අදාළව කරුණු නෙවෙයි. ඉතා පැහැදිලිවම ඔවුන්ගේ වුවමනාව යුද සහ ආරක්ෂක ගිවිසුම් අත්සන් කිරීමයි. ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවත් ඉන්දීය මාධ්‍යයත් ඒ පිළිබඳව යම් ප‍්‍රමාණයකට වාර්තා කර තිබෙනවා.

සිරිමන්ත රත්නසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More