විදේශ පුවත්

කොවිඩ් හේතුවෙන් සිදු වූ මරණ වයස් කාණ්ඩ අනුව වර්ගීකරණය කරමින් ලොව පුරා රටවල් කළ අධ්‍යයනවලදී වයසත් සමගම මරණ අනුපාතිකය ද ඉහළ යන බව පෙනී ගොස් ඇතැයි වාර්තා වේ.

වසංගතය පැතිරීමට අදාළ පළමු මාස කිහිපය තුළදී අනුගමනය කෙරුණු සාර්ථක මැඩලීමේ පියවර හේතුවෙන් ඔස්ට්‍රේලියාව අන් බොහෝ රටවලට වඩා අඩු ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කළේය.

ඒ අනුව ආසාදිතයන් ප්‍රමාණය 16,000 ක් පමණ වූ අතර මරණ සංඛ්‍යාව 189 කට සීමා විය.

කෙසේ වෙතත් අනපේක්ෂිත අයුරින් කොවිඩ් දෙවෙනි රැල්ල තුළ රටේ සමස්ථ ආසාදිතයන් 27,000 ඉක්මවූ අතර මරණ 905 තෙක් ඉහළ ගියේය.

ඒ අනුව මරණ වලින් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 70 වැඩි පුද්ගලයින්ය.

කෙසේ වෙතත් මෙල්බර්න් නුවර අයත් වික්ටෝරියා ප්‍රාන්තය වසා දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් තත්ත්වය පාලනය කිරීමට සමත් වී ඇතත් ඊයේ නව මරණ 14 ක් එරටින් වාර්තා වී තිබුණි.

අමෙරිකාවේ කොවිඩ් මරණ 207,882 ක දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනීයන්නේ වයසත් සමගම මරණ අනුපාතිකය ද ඉහළ යන අතර එහිදී පිරිමි පුද්ගලයන්ට වැඩි අවදානමක් පවතින බවය.

ඒ අනුව කොවිඩ් මරණ වයස් කාණ්ඩ අනුව වර්ගීකරණය කිරීමේදී අවුරුදු 45–54 ත් අතර මරණ 11,093ක්ද, 55-64 ත් අතර මරණ 26,525ක්ද , 65–74 අතර මරණ 45,015ක්ද , 75–84 අතර මරණ 55,089ක්ද , 85 සහ ඊට වැඩි පුද්ගලයින් අතර මරණ 63,864 ක් වශයෙන් වාර්තා වී තිබේ.

අවුරුදු 1ට අඩු වයස් සීමාවේ සිට එරටින් කොවිඩ් මරණ වාර්තා වී තිබීම විශේෂත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More