දේශීය පුවත්

කොළඹට පැමිණෙන සියලු දුර ගමන් සේවා බස් ධාවනය යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියත් සමග කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යල ද නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,

“දැනට කොළඹ පවතින තත්ත්වය හේතුකොට ගෙන කොළඹට පැමිණෙන දුරගමන් සේවා ගමන්වාර අවලංගු කිරීමට සෞඛ්‍ය අංශවලින් අපිට උපදෙස් දීලා තියෙනවා. ඒ කියන්නේ කොළඹට එන දුරගමන් සේවයක් තිබුණානම් ලංගම සහ පෞද්ගලික බස්රථ ඒවා ගමන් ආරම්භයේ සිටම පිටත් වෙන්නේ නෑ. ඇඳිරි නීතිය තිබුණේ නිට්ටඹුවෙන් එහාට නම් ඒ බස් නිට්ටඹුව දක්වා ගමන් කරා. දැන් එහෙම කරන්නේ නෑ. ඒ බස්රථ ගමන් ආරම්භයෙන් ම අවලංගු කරලා තියෙන්නේ. ලංගම හා පෞද්ගලික සියලූම බස්රථ සඳහා මේක අදළයි. කොටුවේ සියලූම බස්නැවතුම් පොළවල් ඇඳිරි නීතිය පවතින සීමාවට ඇතුළත් වීම මෙයට එක් කාරණයක්.“

“ඒ වහේම නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයත් වේරහැර තියෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයත්, වේරහැර තියෙන වෛද්‍ය ආයතනය හා නුගේගොඩ තියෙන ප්‍රවාහන වෛද්‍ය ආයතනය නැවත දැනුම්දෙන තුරු අපිට මහජනතාවට වහන්න සිද්ධ වෙනවා. “

මේ අතර පවතින තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයක තැපැල් හා උප තැපැල් කාර්යාල මඟින් ලිපි බෙදාහැරීමේ කටයුතු ද නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබේ.

ඒ අනුව බස්නාහිර පළාතෙත්, ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය සහ එහි පාලිත උප තැපැල් කාර්යාල ඇතුළු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ කිහිපයක ලිපි බෙදාහැරිම් කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

එමෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු ද නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සාමාන්‍ය අධිකරණ කටයුතු සිදුනොවන බව නීතීඥ සංගමයේ ලේකම්, රජිව් අමරසූරිය මහතා සඳහන් කළේය.

මේ අතර සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනීම ළඟම පිහිටි කම්කරු කාර්යාලය මඟින් පමණක් සිදුකිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා අද සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථනය මඟින් දිනයක් හා වේලාවක් වෙන් කරදීම සිදුවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More