එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සිය ශ්‍රී ලංකා සංචාරයේ දී චීනය පිළිබඳව අවධානය යොමු කරන අතර මානව හිමිකම් සම්බන්ධ ගැටලු පිළිබඳවද සාකච්ඡා කරනු ඇතැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන්.ආර්. තොම්සන් පවසා ඇත්තේ ශක්තිමත් ස්වාධීන හා ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා එක්සත් ජනපදයේ කැපවීම අවධාරණය කිරීම සඳහා පොම්පියෝ (රාජ්‍ය ලේකම්වරයා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන හමුවීමට නියමිත බවයි.
තිරසාර ආර්ථික සංවර්ධනය සහ නිදහස් හා විවෘත ඉන්දු- පැසිෆික් කලාපයේ අපගේ හවුල් අරමුණු සඳහා ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමට අපට අවශ්‍යයි යැයි නියෝජ්‍ය සහකාර ලේකම්වරයා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව සමග පවතින දීර්ඝ කාලීන හවුල්කාරීත්වය ශක්තිමත් කරමින් වඩා පාරදෘශ්‍ය, විනිවිද පෙනෙන හා තිරසර ආර්ථික සංවර්ධනයකට පවතින විකල්ප වෙනුවෙන් ශ්‍රී ලංකාව දිරිමත් කරන බවද හෙතෙම සඳහන් කර ඇත. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලබන බදාදා (28 වැනිදා) මෙරටට පැමිණීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...