ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භකර තිබේ.
ඊයේ (24) මිහින්තලා පුදබිමට පැමිණි ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබාගත් අතර බැතිමතුන්ගේ වන්දනාමාන පහසුවට සුදුසු පරිදි ධාතූන් වහන්සේ තැන්පත්කර ඇති මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමට ද උපදෙස් ලබා දී තිබේ.
එහිදී මිහිඳු මහරහතන් වහන්සේගේ පළමු පාදස් පර්ශය සිදුවූ ස්ථානය සේ සැලකෙන “චන්ද්‍රකාන්ති පාෂාණය” පිහිටි සේල චෛත්‍ය මළුවේ ඉදිකෙරුණු මිහිඳු පිළිරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය විය.
මිහිඳු මහා සෑයේ පෞරාණිකත්වය ආරක්ෂාවන අයුරින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භකර ඇති අතර එම කටයුතු ලබන පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට සැළසුම්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව ශ්‍රම දායකත්වය ලබාදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...