දේශීය පුවත්

කථානායක ඥාති සංග‍්‍රහයක

October 25, 2020 8:42 am | Lanka Lead News

වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයෙක් සිය පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා පවුලේ ඥාතීන් පත් කර නොගන්නැයි කියා ජනාධිපතිවරයා ධුරයේ වැඩ භාර ගෙන කරන ලද රාජාසන කතාවේදී කරන ලද ඉල්ලීම නොතකා හරිමින් වර්තමාන පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අභයවර්ධන සිය කාර්ය මණ්ඩලයේ සියලූම තනතුරු සඳහා පවුලේ ළඟම ඥාතීන් පත්කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව සිය සහෝදරයා වන වසන්ත යාපා අභයවර්ධනට පුද්ගලික ලේකම් තනතුරක් ද තවත් සහෝදරයකු වන සරත් යාපා අභයවර්ධනට මාධ්‍ය ලේකම් තනතුරත් ලබා දී ඇති අතර කථානායකවරයාගේ පුතණුවන් වන චමීර යාපා අභයවර්ධනටත් තවත් සහෝදරයකු වන ඉඳුනිල් යාපා අභයවර්ධනටත් ඉතිරි සම්බන්ධීකරණ ලේකම් තනතුරු දෙක පිරිනමා ඇත.

පී ආර් ඕ හෙවත් මහජන සම්බන්ධතා නිලධාරී තනතුර සිය මස්සිනා වන පේ‍්‍රමානන්ද කොමසාරුට ලබා දෙන්නට කාරුණික වූ කථානායකවරයා තවත් ව්‍යාපෘති ලේකම්වරු පහක් බඳවා ගැනීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ඉල්ලා කැබිනට් පත‍්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඉන් එක තනතුරක් සඳහා දැනටමත් ජනක යාපා අභයවර්ධන නම් ඉතිරි සහෝදරයාගේ නම යෝජනා වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More