ව්‍යාපාරික පුවත්

මහ බැංකුව සිය පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළ අතර, එමගින් දැනට පවත්නා ලිහිල් මුදල් ප‍්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කළේය.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පසුගිය ඔක්තෝබර් 21 වැනි දින පැවැති රැස්වීමේ දී මේ තීරණය ගෙන ඇත.

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් වසරේ මේ දක්වා කාලය තුළදී පෙර නොවූ අයුරින් ක‍්‍රියාත්මක කරන ලද මුදල් ප‍්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක‍්‍රියාමාර්ග හේතුවෙන් සමස්ත වෙළෙඳ පොළ ණය පොලී අනුපාතිකයන්ගේ පහළ යෑම මුදල් මණ්ඩලය විසින් නිරීක්ෂණය කළ අතර, වෙළෙඳ පොළ පොලී අනුපාතික පුළුල් ලෙස පහළ යෑම අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමඟින් දැනට පවත්නා අඩු උද්ධමන වාතාවරණය තුළ ආර්ථිකයෙහි ඵලදායී අංශ වෙත අඩු පිරිවැය යටතේ ණය ප‍්‍රවාහ ගලා යෑම සහතික කෙරෙනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More