දේශීය පුවත්

ලබන බදාදා (28 දා) ශ‍්‍රී ලංකාවට එන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දීය සාගර කලාපය තුළ චීන විරෝධී ආරක්ෂක ජාලයක් ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ බව සනාථ වූයේ ශ‍්‍රී ලංකාව විසින් චීන සම්බන්ධය ගැන දුෂ්කර තීරණයක් ගත යුතු බව සහකාර රාජ්‍ය ලේකම් ඞීන් හොට්සන් ශ‍්‍රී ලංකා රජයට අනතුරු අඟවා තිබීමයි.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් තොම්සන් වොෂින්ටන් නුවරදී තවදුරටත් පැවසුවේ ශ‍්‍රී ලංකා රජය ඇමරිකාවද නැත්නම් චීනයද යන්න තේරුම් ගත යුතු බවකි.

එහෙත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ මෙම චීන විරෝධී ආරක්ෂක ජාලයට ශ‍්‍රී ලංකාව මැදිහත් නොවී මැදහත් පිළිවෙතක් අනුගමනය කරන බවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ආරක්ෂක ලේකම් මාර්ක් එයිනර් ඔක්තෝබර් 26 වැනිදා ඉන්දියාවට පැමිණෙන අතර එහිදී චීන විරෝධී ආරක්ෂක ජාලය ගැන සාකච්ඡුා කෙරෙන බව වාර්තාවී ඇත. මේ අතර ඇමෙරිකානු රජය කඩිමුඩියේම මාලදිවයින සමග ආරක්ෂක ගිවිසුමක්ද අත්සන් කර ඇත.

පසුගියදා චීන රජයේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණ රජය සමඟ සාකච්ඡුා කර අරමුදල් දීම ගැන ද අමරිකාවේ දැඩි අවධානය යොමුවී තිබිණි.

Divaina Irida



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More