දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා තිබූ ව්‍යවස්ථාදායක සභාව, මැතිවරණ කොමිෂම, ජාතික පොලිස් කොමිෂම ආදී ආයතනවල බලය පාර්ලිමේන්තුවේදී සම්මත වූ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන තැබීමෙන් පසුව අහෝසි වන බව පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක පැවසීය.
පසුව එහි සෝදුපත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව භාෂා ත්‍රිත්වයෙන් මුද්‍රණය කර කථානායකවරයාගේ අත්සන තැබීමෙන් පසු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි හෝ සංශෝධනය කළ ආයතනවල බලය වෙනස් වේ.
ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව අහෝසි වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු සභාවේ දැනට ඇති මැතිවරණ කොමිෂමේ සාමාජිකයන් තිදෙනාගේ කාලය අවසන්ව නව සාමාජිකයන් සංඛ්‍යාව 05 දෙනකු පත් කිරීමට නියමිතය.
ඊට අමතරව පොලිස් කොමිෂමට මෙතෙක් පැවැති බලතල වෙනස් වී පොලිසියට එරෙහිව ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමේ බලය පමණක් ලැබෙන බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...