දේශීය පුවත්

පාර්ලිමේන්තුවටත් කොරෝනා

October 24, 2020 11:25 pm | Lanka Lead News

පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තුවේ පිහිටි පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවත්, එහිදී වෛරසය ආසාදනය වන්නට ඇති බවටත් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් 7 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කොට ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා සඳහන් කර සිටී.

මෙම පොලිස් නිලධාරියා පාර්ලිමේන්තු සංකීර්ණය සමග සෘජු සම්බන්ධතාවයක් පවත්වා නොමැති බවද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More