දේශීය පුවත්

අප අනාගතය දෙස බලා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් කණ්ඩායමක් මුණ ගැසුණා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍ය පිරිසක් ජනාධිපතිතුමා මුණ ගැසුණා. මමත් හමුවුණා. රට ඉදිරියට ගෙන යෑම සඳහා අලුත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා වුණා. ඒ වැඩපිළිවෙළ ඉක්මනින් අප අතට ලැබේවි යැයි බලාපොරොත්තු වෙනවා. ඒ මාර්ගයේ අපිට ඉදිරියට යෑමට හැකිවේවි යැයි විශ්වාස කරනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. අගමැතිවරයා මේ බව පැවැසුවේ පසුගිය 12 වැනිදා තලවතුගොඩ, ලේක් විව් රෙසිඩන්සීස් නිවාස යෝජනා ක්‍රමයට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වෙමිනි. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මධ්‍යම පාන්තිකයන්ට නිවාස මිලදී ගැනීම සඳහා සහන පොලියට ණය ලබාදෙන ක්‍රමයක් දැන් හඳුන්වාදී තිබෙනවා. ඉතිරි කිරීමේ බැංකුවෙන් එම ණය ලබාගත හැකියි. අප ඒ වැඩකටයුත්තට පමණක් සීමා වී නැහැ. මධ්‍යම පන්තියේ නිවාස ඉදිකිරීම සඳහා බස්නාහිර මහ නගර අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩකටයුතු සීග්‍රයෙන් ආරම්භ කිරීම පිළිබඳ පාඨලී චම්පික රණවක ඇමැතිතුමා ඇතුළු අමාත්‍යාංශයට ස්තුතිය පළ කළ යුතුයි.

පසුගිය වසර දෙක තුළ නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති නිසා තව වසර දෙකක් යන විට එහි ප්‍රතිඵල දැක ගැනීමට හැකිවේවි. මීට අමතරව කොළඹ නගරය සහ අවටත් අඩු ආදායම්ලාභීන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඔවුන් නව තට්ටු නිවාසවල පදිංචිවූ පසුව කලින් සිටි ඉඩම් සංවර්ධන සඳහා යොදා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙලෙස ආරම්භ කළ වැඩකටයුත්ත වසර 10ක්වත් ඉදිරියට ගෙන යායුතුව තිබෙනවා. මේ කාලය තුළදී නිවාස ප්‍රශ්නය සඳහා මූලික විසඳුමක් ලබාදීම අපේ අරමුණයි. රජය ඒ සඳහා වැඩිපුර මුදල් වෙන් කරනවා. එමෙන්ම විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කරනවා.

කාරණා දෙකක් අද පෙනෙන්නට තිබෙනවා. පළමු වැන්න නම් ශ්‍රී ලංකාවේ විශාල නාගරීකරණයක් සිදුවීමයි. මුළු බස්නාහිර පළාතේම ජනගහනය සීග්‍රයෙන් වැඩි වෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිට හලාවත දක්වා ජනගහනය වැඩි වෙනවා. ඔවුන් සඳහා පහසුකම් ලබාදීමට මහ නගර සංවර්ධන අමාත්‍යාංශය කැපවී සිටිනවා. නාගරීකරණය ඇති වන්නේ මධ්‍යම පාන්තියේ ව්‍යාප්තිය නිසයි. රටක් දියුණු වීමට නම් ශක්තිමත් මධ්‍යම පන්තියක් අවශ්‍යයි. ශක්තිමත් මධ්‍යම පන්තියක් නැතිව රටක ආර්ථිකය දියුණු වන්නේ නැහැ.

මධ්‍යම පන්තියට වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන් පමණක් නොව ඉහළ ශිල්ප දැනුමක් සහිත කාර්මිකයන් මෙන්ම කම්කරුවන් පවා ඇතුළත් වෙනවා. අතීතයේ මෙන් වර්තමානයේ මේ සඳහා මායිම් යොදන්නට හැකියාවක් නැහැ. ආදායම් වැඩිවීමත් සමඟ ඉල්ලුම වැඩි වෙනවා. ඕනෑම රටකට එම තත්ත්වය පොදුයි.

වර්තමානයේ ශ්‍රී ලංකාව අඩු ආදායම් සහිත ආර්ථිකයක් නොවේ. මධ්‍යම ආදායම් සහිත ආර්ථිකයක් බවට පත්වී තිබෙනවා. තව ටික කාලයකින් ඉහළ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් බවට පත්කර ගැනීමට හැකියාව ලැබෙනවා. අප ඒ පරිවර්තනයට සූදානම් විය යුතුයි. ඒ සඳහා රටක් ලෙස ඉදිරියට යා යුතුයි. මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ ඒ සඳහායි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More