කුඩා දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා අන්තර්ජාලය භාවිතයට ඉඩදීම හේතුවෙන් කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාරයන් එල්ල වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අඟවයි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ, -උපුටා ගැනීම –
COVID-19 වයිරස තත්ත්වය යළි මතුවීමත් සමගම පාසල් හා උපකාරක පන්තිවල අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය සහ Zoom, WhatsApp, Microsoft Teams වැනි ජංගම දුරකථන හා පරිගණක යෙදුම් භාවිතයෙන් නැවතත් සිදුකිරීමට පාසල් ගුරුවරුන් සහ පෞද්ගලික පන්ති ගුරුවරුන් කටයුතු යොදා ඇත.
විශේෂයෙන්ම මේ තත්ත්වය යටතේ කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් සිදුවන සයිබර් අපරාධ කරුවන්ගේ ක්‍රියාත්මක වීමක් නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවී ඇත.
දෙමව්පියන් විසින් අන්තර්ජාලය හරහා දරුවන් අධ්‍යාපනික කටයුතු සඳහා යොමුකිරීම බොහෝමයක් දරුවන් අවස්ථාවක් කරගනිමින් විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීමට, අධ්‍යාපන කටයුතුවල නිරතවන මුවාවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළ කාලය කා දැමීම වැනි කටයුතු සඳහා යොමුවේ.
විශේෂයෙන්ම මෙවැනි කාල පරාසයන් තුළ දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩ දීමේ දී දෙමව්පියන්ගේ නිසි අධීක්ෂණයක් නොමැති වීම සහ දෙමව්පියන්ගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ඉතා පහළ මට්ටමක පැවතීම දරුවන් ඉතා පහසුවෙන් සයිබර් අපරාධ කරුවන්ගේ ග්‍රහණයට නතුවිය හැකි හේතුවක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වාදිය හැකිය.
මේ හේතුවෙන් දරුවන් ඉගෙනුම් කටයුතු සදහා අන්තර්ජාලය භාවිතා කරන අවස්ථාවලදී දරුවන් සිදුකරන්නේ මොනවාදැයි සොයාබැලීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දෙමව්පියන්ට දැනුම් දෙමු.
-උපුටා ගැනීම අවසන්-
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...