පාර්ලිමේන්තුවේදී පැවති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව පැවති ඡන්දය අවස්ථාවේදී, ඊට පක්‍ෂව රිෂාඞ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ හා රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් මන්තී‍්‍රවරුන් වන නෂීර් අහමඞ්, අලි සබ්රි රශිම්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම් හාරිස්, එම්.එස් තවුෆික් යන මහත්වරු ඡන්දය ප‍්‍රකාශ කලහ.
මේ ගැන පැවැති සාකච්චාවකදී සමගි ජන බලවේගයේ මන්තී‍්‍රවරුන් අතර සාකච්චා වී ඇත්තේ එම මන්තී‍්‍රවරුන් සංශෝධනයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කර ඇත්තේ රිෂාඞ් බදුර්දීන් හා රවුෆ් හකීම් යන පක්‍ෂ නායකයන්ගේ උපදෙස් අනුව බවයි,
නුදුරේදීම රිෂාඞ් බදුර්දීන් හා රවුෆ් හකිම් ආණ්ඩුවට සහයෝගය ලබාදීමට නියමිත බවද ඔවුන් සාකච්චා වී තිබේ.
මේ අතර 20 ව්‍යවස්ථා සංශෝධනයට පෙර සමගි ජන බලවේගය කණ්ඩායම් හමුවෙදීද උණුසුම් තත්වයක් ඇති වී තිබේ.
රවුෆ් හකීම් මහතා පවසා ඇත්තේ තමනට වෙන් කර ඇති විනාඩි 15 ක කාලය ප‍්‍රමාණවත් නොවන බවත්, අමතර කාලයක් ලබාදෙන ලෙසත්ය.
එහිදී විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ සෑම පක්‍ෂ නායකයෙකුටම වෙන් කල කාලය ඔහුටත් වෙන් කර ඇති බවය.
මෙහිදී දෙදෙනා අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවකින් පසු අවසානයේ කිරිඇල්ල මහතා පවසා ඇත්තේ වසර ගණනාවක් එජාප නායකයා සමග කල සෙල්ලම් නැවත සමගි ජන බලවේගය තුල සිදු නොකරන ලෙසයි.
මේ අතර ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ සියළු මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට සහාය දීමත් සමග පක්‍ෂයේ බලය පවත්වාගෙන යාම සදහා රවුෆ් හකීම් මහතා දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයිද වාර්තා වෙයි.
– repoter
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...