රටක ව්‍යවස්ථාව එක් පුද්ගලයෙකු වෙනුවෙන් වෙනස් කිරීම එම රටට කරන බලවත් නිග්‍රහයක් බව
‘සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.
ඔහු එබව කියා සිටියේ, අද (23) පැවති මාධ්‍ය හමුවකදීය.
ඊයේ රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසින් ලබා දුන් ජනවරම ගැන ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණ.
ජනාධිපතිට අර්ථයෙන් ධර්මයෙන් නිතරම අනුශාසනා කරන හිමිපාණන් වහන්සේලා, මැතිවරණ වලදී විශාල කැපකිරීමක් සිදුකළ හිමිපාණන් වහන්සේලා, කතෝලික, ක්‍රිස්තියානි, හා අන්‍යාගමික පූජකතුමන්ලා ප්‍රසිද්ධියේ විරුද්ධ වුවත් එම විරෝධතාවයට කිසිම සැලකිල්ලක් නොදක්වා ද්විත්ව පුරවැසියන්ට රටේ ඕනෑම ඉහළ පදවියක් දැරීමේ අවස්ථාව දැන් ලබා දී තිබෙන බව ඔහු මෙහිදී පැහැදිලි කර සිටියේය.
කෙසේවුවද, ජනාධිපතිවරයාට පැවරුන මේ අසීමිත බලය රට එක් කිරීමට යොදාගන්නා ලෙස ඉල්ලා සිටි කරු ජයසුරිය, නව ව්‍යවස්ථාවක් සැකසීමේ දී ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රට වෙනුවෙන් ඊට උපරිම ශක්තිය ලබා දෙන බව ද කියා සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...