දේශීය පුවත්

කොවිඩ් දෙවන රැල්ල තුළ පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලට වැඩි වශයෙන් යොමු කිරීමේ ජාවාරමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන බව වාර්තා වෙයි.

පෞද්ගලික රෝහල් හතරක පී.සී.ආර්. පරීක්ෂණ මේ වන විට සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් අවිධිමත්ව ලබාදුන් අවසරයක් යටතේ බව අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. එම රෝහල්වල පී.සී.ආර්. නිදර්ශක දාහක් පමණ දෛනිකව සිදු කරයි. ඇතැම් පෞද්ගලික රෝහල් පෞද්ගලික ආයතනවලින් ලබා ගෙන ඇති පී.සී.ආර්. සාම්පල පරීක්ෂාවට ලක් නොකර රෝහල්වල ගබඩා කර ඇති බවද අනාවරණය වෙයි.

පෞද්ගලික රෝහල් රැසක් පසුගිය දිනවල සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ පළමුව ධණාත්මක වී පසුව සෘණාත්මක වීම පිළිබඳවද රජයේ විශේෂ අවධානය යොමු වී ඇත. තවද පෞද්ගලික රෝහල්වලින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරගත් ඇතැම් රෝගීන් කෙටි කාලයකින් සුව අතටද පත්වීම පුදුමසහගත බව අනාවරණය වෙයි.

කොවිඩ් පළමු රැල්ල ආරම්භ වූ අවස්ථාවේදී ද පෞද්ගලික අංශය පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සඳහා අවසර ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප විය. දෙවන රැල්ල ආරම්භයේදී ඊට අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාකිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කරයි. එසේම ඇතැම් පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන ආකාරය සහ රසායනාගාර පහසුකම් පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.

‘‘පෞද්ගලික රෝහල් විසින් කර්මාන්ත ශාලා සහ පෞද්ගලික ආයතනවලින් ලබාගත් සාම්පල මේ වන විට ගොඩ ගැසී තිබෙනවා. වෛද්‍ය සභාවේ පුහුණුව නොලත් පිරිසක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. පරීක්ෂණ වාර්තාවක් දිනකින් ලබා දෙන්නේ නම් රුපියල් 15,000ක් ඔවුන් අය කරනවා. දින 3කින් ලබාදීම සඳහා අය කරන්නේ රුපියල් 7000යි. මිල නියාමනය කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් පෙන්වා දෙනවා මේ පෞද්ගලික අංශ නැතිව පී.සී.ආර්. පරීක්ෂණ කරන්න බෑ කියලා. ඒක මිත්‍යාවක්.’’ යැයි රවී කුමුදේශ මහතා පැවසීය.

ඒ අනුව පෞද්ගලික රෝහල් නියාමන පනත යටතේ සෞඛ්‍ය ලේකම්වරයාට මෙම විමර්ශනය සිදු කළ හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් දැනට පී.සී.ආර්. පරීක්ෂණ කළ හැකි මධ්‍යස්ථාන 24ක් ඇති අතර ඉන් දිනකට පරීක්ෂණ 6000ක් පමණ සිදු කළ හැකිය. එය 10,000 දක්වා ඉහළ දැමිය හැකි සඳහන් වේ. පෞද්ගලික අංශයෙන් සිදු කළ පරීක්ෂණවලින් කොවිඩ් 19 ලෙසට ධනාත්මක වූ රෝගීන්ගේ සාම්පල රජයේ වෛද්‍ය පරීක්ෂණාගාරයට එවා ඇති අතර එසේ එවූ 100කින් 20ක් පමණ යළි සෘණාත්මක බවට සඳහන් වී ඇති බව රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ඔහු පැවසුවේ පෞද්ගලික රෝහල් සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ නියාමනය කළ යුතු බවයි. පරීක්ෂණවලදී හෙළි වන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යාංශය අධීක්ෂණය කළ යුතු බව ඔහු පැවසීය. පෞද්ගලික රෝහල්වලට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සඳහා අමාත්‍යාංශය අවසර ලබාදී ඇති බවද ඔහු අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More