දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සිදු කළ අරන්තලාව භික්ෂු ඝාතනය පිළිබඳ විධිමත් අපරාධමය විමර්ශනයක් සිදු කරන ලෙස

නීතිපතිවරයා ඊයේ (23) වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

ප්‍රහාරයෙන් දිවිගලවාගත් දැනට ජීවතුන් අතර සිටින වින්දිත භික්ෂූන් වහන්සේගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් දුන් නීතිපතිවරයා ඊට අදාළ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් සති දෙකකින් තමා වෙත ලබාදෙන ලෙසට ද උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙණෙවිය පැවසුවාය.1987 වසරේ ජුනි මස 02වැනිදා අරන්තලාවේදී භික්ෂූන් වහන්සේලා ගමන් ගත් බස්රථයක ඉලක්ක කර එල්.ටී.ටී ඊ ත්‍රස්තවාසීන් එල්ල කළ ප්‍රහාරයකින් බස් රථයේ ගමන් ගත් භික්ෂූන් වහන්සේලා ඇතුළු 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර භික්ෂූන්වහන්සේ 12 නමක් දිවිගලවාගෙන තිබුණි.

එම සමූහ ඝාතන සිද්ධියට කෙලින්ම සම්බන්ධව දැනට ජීවතුන් අතර සිටින එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මෙම බේදනීය සිද්ධියෙන් දිවිගලවාගෙන මේවන විට ජීවතුන් අතර සිටින ආඳාඋල්පත බුද්ධසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද පසුගියදා ගොනුකරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More