දේශීය පුවත්

පොලීසියේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ අංශය කොන්ත්‍රාත් ඝාතකයන් පස් දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව පවසයි. සංවිධානාත්මක අපරාධ මැඩලීමේ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ හඳුනා ගත් ඝාතකයින් පස් දෙනා විටින් විට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ඇති අතර ඔවුහු මේ වන විට උසාවියෙන් ඇප පිට නිදහස්ව ඇති බවද පැවසේ.

එම නිළධාරියාට අනුව මෙසේ හඳුනාගත් තවත් කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මරන්නන් 12 දෙනෙකු හඳුනා ගෙන සිටි අතර ඔවුහු සියළු දෙනා මේ වන විට රට හැර ගොස් ඇත. ඔවුන් බොහෝ දෙනා ආරක්ෂක අංශ පුහුණුව ලැබූ අයවෙති.

තවද මෙම ඝාතකයින්ට අමතරව තවත් කොන්ත්‍රාත් මිනී මරුවන් 11 දෙනෙකු රිමාන්ඩ්භාරයේ පසුවෙති. පසුගිය කාලයේ භයානක මිනිස් ඝාතන අඩු වීමට මොවුන් සිරගතවීම සහ රටින් පලා යාම හේතු වී ඇති බවද එම නිලධාරියා පැවසීය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More