දේශීය පුවත්

කඩිනමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බව සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

” මහා සංඝරත්නයත් පොදු මහජනතාවත් අපේක්ෂා කළා විශේෂ කරුණු මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළට ඇතුළත් කිරීම. අමාත්‍යතුමා ඉදිරිපත් කරපු කමිටු නිර්දේශ තුළත් ඒ වගේම අධිකරණයට ඉදිරිපත් කරපු සංශෝධන තුළත් ඒ පිළිබඳව සඳහන් වුණා. ඉතා කඩිනමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සම්මත කරගැනීම තමයි අපේක්ෂා කරන්නේ. මේ රටේ මහා සංඝරත්නය විශේෂයෙන්ම වර්තමාන රජය බලයට පත් කිරීම සඳහා ඇප කැපවී කටයුතු කළා. ඒ උන්වහන්සේලාගේ කැපවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉතා ඉක්මණින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට කටයුතු කරන හැටියට අප රජයෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ භික්ෂූන් භික්ෂුන් වහන්සේලාටත් යම් චෝදනා එල්ල වෙන්න පුළුවන් අනාගතයේ දී උන්වහන්සේලා ඒ මග පෙන්වීම් කරපු රජය අපේක්ෂාකරන විදිහට කටයුතු නොකළොත්.යම්කිසි හානිදායක තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා රජය රජයේ විශේෂ අවධානය යොමු කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඉතා ඉක්මනින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More