දේශීය පුවත්

20 නිසා සිදුවන වෙනස්කම්

October 24, 2020 7:25 am | Lanka Lead News

පාර්ලිමේන්තුවේ සම්මත වූ 20වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීමෙන් පසු එය වලංගු නීතියක් බවට පත්වන අතර මෙම සංශෝධනයත් සමඟ ව්‍යවස්ථාමය වෙනස්කම් කිහිපයක් සිදුවෙයි.

අගවිනිසුරු , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් , අභියාචනාධිකරණ සභාපති හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති හා ඔම්බුඩ්ස්මන් යන රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයන් පත්කිරීම මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ නිරීක්ෂණවලට යටත්ව ජනාධිපතිවරයා වෙත පැවරෙනු ඇත.

අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී ජනපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් මත සිදුකළ යුතුය යන්න 19න් ඇතුළත් කර තිබූ වගන්තිය අහෝසි වනඅතර, ඒ අනුව ජනපතිට අගමැතිවරයා හා ඇමතිවරුන් තම අභිමතය පරිදි පත්කිරීමට බලය පැවරේ.

එමෙන්ම යම් අමාත්‍යධුර විෂයක් තමා යටතේ තබාගැනීමටද ජනාධිපතිවරයාට බලය හිමිවෙනු ඇත.

මෙතෙක් තුනක්ව පැවති මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව පහක් ලෙස සංශෝධනය කර තිබෙන අතර ජනපතිට එම සාමාජිකයන් පත්කිරීමටත්, ඉන් අයකු සභාපති ලෙස පත්කිරීමටත් බලය පැවරෙයි.

පාර්ලිමේන්තුව පත්වී වසර හතරහමාරක්ගත වනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට වූ 19යෙහි වගන්තිය සංශෝධනයකර පාර්ලිමේන්තුවට වසර දෙකහමාරක් සම්පූර්ණ වූ පසු එය විසුරුවා හැරියහැකි ලෙස ජනපතිට බලය පවරා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මින් ඉදිරියට අහෝසි වන අතර ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීමට තිබූ අයිතියද අහෝසි වී යනු ඇත.

ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව හඳුන්වා දී තිබේ.

ද්විත්ව පුරවැසිභාවය ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට තරගකිරීමට නුසුදුසුකමක් ලෙස පැවති බාධාවද ඉවත් කෙරුණි.

දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත්කිරීමේ බලය 20වැනි සංශෝධනය මගින් කැබිනට් මණ්ඩලය වෙත පැවරා තිබේ.

මේ අතර මෙතෙක් 11ක්ව පැවති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 17ක් දක්වාත්, 12ක්ව පැවති අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 20 දක්වාත් ඉහළ නැංවීම 20 වැනි සංශෝධනයෙන් සිදු කෙරුණු අතර එම පත්කිරීම් සිදුකිරීමේ බලධාරියා වශයෙන් ජනාධිපතිවරයාව නම් කර තිබේ.

කෙසේවෙතත් 19වැනි සංශෝධනයෙන් ජනපති ධුර කාලය උපරිම වසර පහක් ලෙස සහ උපරිම වාර ගණන දෙකක් ලෙස පනවා තිබූ සීමාවත්, කැබිනට් අමාත්‍යධුර ගණන උපරිමය 30ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර ගණන උපරිමය 40ක් වශයෙන් පනවා තිබූ සීමාවත් නොවෙනස්ව තැබෙනු ඇත.

මීට අමතරව සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිදු යෝජනාවක් 20වැනි සංශෝධනයට ඇතුළත් කර නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More