දේශීය පුවත්

ලබන 28දා කොළඹට පැමිණෙන අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා එම්.සී.සී. ගිවිසුම ගැන ශ්‍රී ලංකා ආණ්ඩුවේ තීරණය කුමක්දැයි විමසීමට නියමිත බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. ඔහු මෙම විමසීම කරනු ඇත්තේ එම්.සී.සී. පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙනි.

මෙයට අමතරව තවත් ප්‍රධාන කරුණු තුනක් ගැන ඔහු ශ්‍රී ලංකා රජයේ නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ශ්‍රී ලංකා සහ අමෙරිකානු හමුදා අතර පුහුණු වැඩසටහන්, මෙරට අමෙරිකානු ආයෝජන සහ රට තුළ සංහිඳියාව ගොඩනැගීම මෙම සාකච්ඡා සඳහා තේමා වන සෙසු කරුණු තුනය.

ඉන්දියාවේ සහ මාලදිවයිනේ නිල සංචාරයක් සඳහා දකුණු ආසියාවට එන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලබන 28 වැනිදා කොළඹට පැමිණෙන්නේ පැය කිහිපයක සංචාරයක් වෙනුවෙනි. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවීමට නියමිතය. අමෙරිකාවේ රාජ්‍ය ලේකම් පදවිය දරණ මයිකල් පොම්පියෝ මහතා දිගු කලක් එරට සී.අයි.ඒ. (රාජ්‍ය බුද්ධි අංශයේ) ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.

Deshaya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More