රට තුළ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ජනතාවට නිරෝගී සුවයෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පරිසරය උදාකර දීමට රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය හා බොජ්ජංග සූත්‍රය ගායනා සඤ්ඤායනා කරන්නට සංවිධානය කරන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලිඛිතව දන්වා යවා තිබේ.
මෙම අවස්ථාවන් සංවිධානයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට විහාරාධිපති හිමිවරුන් දැනුවත් කරන ලෙසද ලිපියේ දැක්වේ.
මෙම වැඩපිළිවෙලට සමගාමීව 24 වැනිදා සිට 29 වන දින දක්වා ප‍්‍රධාන නගර කිහිපයකම එවැනි පිරිත් සජ්ජායනා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...