දේශීය පුවත්

20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ අධිකරණ ඇමති,

ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි එය තුනෙන් දෙකක බලයකින් සම්මත වී පැය කිහිපයකින් සිය මුහුණු පොතේ “වැඩ පෙන්වනු, නැත්නම් වැනසෙනු! නිදහසට කරුණු දැන් අදාල නැතැ”යි යන අර්ථයෙන් යුතු සටහනක් තබමින් සැර අවවාදයක් කර තිබේ.

එය 20 වන සංශෝධනය හරහා විධායක බලය ලැබුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කළ අවවාදයක් ද? නැතිනම් සමස්ත ආණ්ඩුවටම කළ අවවාදයක් ද? යන්න පැහැදිලි නැත.

එම සටහනේ ආසන්න සිංහල පරිවර්තනය මෙසේය:

“ජාතික ආරක්ෂාව සහ පුද්ගල ආරක්ෂාව,

වේගවත් ආර්ථික වර්ධනය,

මත්ද්‍රව්‍ය සහ අපරාධ තුරන් වූ සමාජයක්,

ජාතික එකමුතුකම සහ මිත්‍රත්වය,

සහතික කරනු! නැතිනම් වැනසෙනු!

නිදහසට හේතු දැන් නැත.”

ali

අලි සබ්‍රි අමාත්‍යවරාගේ සටහනේ “පුද්ගල ආරක්ෂාව” ගැන නිශ්චිත ලෙස දක්වා තිබුණද, “පුද්ගල නිදහස” සහතික කිරීම ගැන පිළිබඳ කිසිදු සඳහනක් කර නැත. සමහර විට ජනාධිපතිවරයාට පමණක් නොව, මුලු සමාජයටම සැර අවවාදයක් දෙන්නට අලි සබ්‍රි අමාත්‍යවරයාට අවශ්‍ය වුවා විය හැකිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More