දේශීය පුවත්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ ඔක්තෝම්බර් 22 දින ජාතික ශෝක දිනයක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ලංකා ලීඩ් ඇමතූ ඔහු විසින් ඊට හේතු 03 ක් ඉදිරිපත් කරනු ලැබීය.

01. ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව මහජන විරෝධයට ලක් වූ සංශෝධන සියල්ලම කිසිඳු වෙනසක් සිදු නොකර හෝ ව්‍යාජ රූපලාවන්‍ය වෙනස්කම් සහිතව සම්මත කිරීම මඟින් මහා සංඝරත්නය ප්‍රමුඛ මහජන මතයට ආණ්ඩුව ගරු නොකරන බව පැහැදිළිව ප්‍රදර්ශණය කිරීම. ඒ මඟින් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේදී සහ එම්.සී.සී සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට බලපෑම් එල්ල වීමේදී ඒ ආකාරයටම කටයුතු කරනු ඇතැයි පෙන්වීම.

02. මහජන විරෝධය නියෝජනය කළ ආණ්ඩුව තුළ සිටින වාමවාදී ජාතිකවාදී බලවේග සහ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන බව පෙන්වූ මන්ත්‍රීවරුන් සියල්ල ආණ්ඩුවේ බලපෑම් වලට යටත් වීම නිසා ඒ මඟින් ඉදිරියේදී එම්.සී.සී සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට ජාත්‍යන්තර බලපෑම් එල්ල වන අවස්ථා වලදී ඔවුන් කෙසේ කටයුතු කරනු ඇත්ද යන්න පිළිබඳව මහජන විශ්වාසය පළුදු වීම. විශේෂයෙන්ම ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් මහජනයා අමතා කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරන තත්වයක් යටතේ ජනාධිපතිවරයා ඔවුන්ට පුද්ගලිකව කරන ලද බව කියන හැඟීම්බර හෝ වෙනත් ආකරයක ඉල්ලීමක් මත එම බලවේග එම බලපෑම් වලට යටත් වී සියළු වගකීම් බාරගනිමින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවේ ඉල්ලීම් ඉටු කරන බව ප්‍රකාශ කිරීම මඟින් මහජන විශ්වාසය තවදුරටත් පළුදු වේ.

 

03. රහසිගතව ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන බලවේග වලට ආණ්ඩුව තුළට ඇත්ල්වීම සඳහා දොරක් විවෘත වීම. විශේෂයෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී බලවේග විසින් රාජ්‍යතුළ නියෝජනය වෙමින් සහ රාජ්‍ය බලය යොදා ගනිමින් අන්තවාදය පෝෂණය කිරීම සඳහා යොදා ගත් හකීම් – රිෂාඩ් – හිස්බුල්ලා වැනි චරිත වලට දැන් එම භූමිකාව ඉටු කිරීමට නොහැකි තත්වයක් තුළ එම භූමිකාව ඉටු කිරීම සඳහා ඔවුන්ට විරුද්ධ බව හෝ ඔවුන්ගෙන් ස්වාධීන බව පෙන්වන නව පුද්ගලයින්ට ආණ්ඩුව තුළට ඇතුල් වී අනාගතයේදි ඇමතිකම් ලබා ගැනීමට දැන් නව දොරක් විවෘත වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More