දේශීය පුවත්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.

ඊයේ (22 වැනිදා) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළැඹුණු බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට පැවැසීය.

ඊයේ (22 වැනිදා) රාත්‍රියේ පැවැති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂය සමග එක්ව ඊට පක්ෂව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු 7ක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි. මෙලෙස සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කරන බව ඊයේ (22 වැනිදා) උදෑසන වන විට වාර්තා වී තිබුණු බැවින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පක්ෂ ස්ථාවරයට එරෙහි වන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More