දේශීය පුවත්

බලපිටිය කටුවිල ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙම අවමංගල උත්සවය පසුගියදා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාංගන සේවකයා සහභාගී වූවක් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් පවසයි.

මෙකී ආසාදිතයාගේ ආශ්‍රිතයන් 52ක් පිි.සි ආර් පරීක්ෂණ සඳහා ලක් කළ බවත් ඉන් 34 දෙනකු ගේ පි.සි ආර් පරීක්ෂණ වාර්තා ඊයේ (22)රාත්‍රී ලැබී ඇති අතර ඉන් 15දෙනෙකු ආසාදිතයින් බව වාර්තා වේ.

තවත් 18 දෙනෙකුගේ පි.සි ආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇති බව ද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් පවසයි.

මෙකී තත්ත්වය යටතේ කටුවිල ග්‍රාම නිලධාරී වසම සඳහා එම ප්‍රජාවගේ ද සහයෝගය ඇතිව දැඩි සංචරණ සිමා පනවා ඇති බවද ඔවුන් පවසයි.

“ඉකුත් 16 එ වැනි දින කොළඹ නැව් තටාංගන ආයතනයේ සේවය කළ මෙම සේවකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර මොහු ගේ මව පියා බිරිඳ යන තිදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා ..දැනට කටුවිල ග්‍රාම නිලධාරී වසම නිවාස 90ක පූද්ගලයින් 250 දෙනකු පමණ සොයන් නිරෝධයට ලක් කොට තිබෙනවාමෙම තත්ත්වය තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රජාව ගේ සහයෝගය අවශ්‍ය වෙනවා.එම නිසා සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව කටයුතු කරන ලෙස කටුවිල ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අද දින මෙම ප්‍රදේශයේ පළමු පෙළ හා දෙවැනි පෙළ ආශ්‍රිතයන්ගේ පි.සි ආර් පරීක්ෂණ සිදුකරනු ලබනවා.අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ යම් අයෙකුට උණ කැස්ස උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් නිවසේ සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා”යන්න ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංහාරච්චි මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More