දේශීය පුවත්

කොටි සංවිධානය තහනම් කිරීම වැරදි ක‍්‍රියාවක් බව බි‍්‍රතාන්‍යයේ තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසම තීන්දු කර ඇත. කොටි හිතවාදී සංවිධානයක් වූ රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති සංවිධානය විසින් එම කොමිසම වෙත ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කර තිබේ.

බි‍්‍රතාන්‍ය රාජ්‍ය ලේකම් විසින් කොටි සංවිධානය තහනම් කිරීමට ක‍්‍රියා කිරීම දෝෂ සහිත නිසා රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ බව ද අභියාචනා කොමිසමේ විනිසුරුවරුන් තිදෙනා ප‍්‍රකාශ කර ඇත. මෙම විනිසුරුවන් තිදෙනාගේ තීන්දුව නිසා බි‍්‍රතාන්‍යය තුළ කොටි සංවිධානය තහනම් සංවිධානයක් නොවන බවට නිගමනය වී තිබේ.

2018 වසරේදී කොටි තහනම ඉවත් කරන ලෙස රටින් පිටත ඊළාම් ආණ්ඩුව බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා තිබූ අතර එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප විය. බි‍්‍රතාන්‍ය අභියාචනා කොමිසමේ මෙම තීන්දුව නිසා කොටි සංවිධානයට යළිත් වරක් අරමුදල් එකතු කිරීමට හැකිය. කොටි තහනම ඉවත් කිරීමේ තීන්දුව ගැන බි‍්‍රතාන්‍ය රජය කිසිදු ප‍්‍රකාශයක් කර නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More