දේශීය පුවත්

කොරෝනා වෛරසය තවදුරටත් පැතිර යාමේ දැඩි අවධානමක් අති මේ අවස්ථාවේදී දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීම තුලින් ජනතාවගේ ප්‍රතිශක්තිකරනය තහවුරු කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

වසංගත රෝග නිවාරණ ඒකකය තවමත් කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්තියක් දක්වා පැමිණ නොමැති බවට ප්‍රකාශ කර ඇති බවත් රෝග ව්‍යාප්තිය පිලිබඳ දත්ත, කොරෝනා රෝග ව්‍යාප්තිය මර්ධනය සඳහා මුල සිට සහය දුන් කණ්ඩායම් සමග වසංගත රෝග විද්‍යා ඒකකය බෙදා නොගැනීම නිසා සමාජ ව්‍යාප්තිය දක්වා කොරෝනා වසංගතය පැමිණ ඇත්ද නැද්ද යන්න තාක්ෂණික නිර්වචනය සිදු කිරිමට හැකියාව ඇත්තේ එම වසංගත රෝග ඒකකයට පමණක් බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.

කෙසේ වුවත් එම තාක්ෂණික කාරණාය දේශපාලනිකරණය සඳහා යොදා නොගෙන කොරෝනා රෝග ව්‍යාප්තිය මර්ධනය සඳහා කටයුතු කිරිමට අවශ්‍ය සහය දෙන ලෙසට ඉල්ලා සිටින බවත් රෝගීන්ගේ සහ ආශ්‍රිතයින්ගේ ව්‍යාප්තිය පිලිබඳ දත්ත, තාක්ෂණික සහය ලබා නොදීමේ වගකීම වසංගත රෝග විද්‍යා ඒකකය විසින් භාර ගත යුතු බවයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා රෝගය තම දේශපාලනික ව්‍යාපාරය හෝ දේශපාලනික වාසි සඳහා යොදා නොගන්නා ලෙස පැහැදිලිවම ඉල්ලා ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කෙසේ වුවත් රට තුල පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ගැන සලකා බලා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කරුණු 04ක් ඇතුලත් යෝජනාවලියක් ඉදිරිපත් කොට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More