මාකදුරේ මධුෂ්ව නොමැරූ බවත් ඇති වූ වෙඩි හුවමාරුව තුලින් මියගිය බවත් ඒ සියල්ල පොලීසිය අපකීර්තියට පත් කිරීමට ගෙතූ කතා බව බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසයි.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ අන්තර්ජාල යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.
මාකදුරේ මධූෂ්ගේ බිරිද කලු තුෂාරගේ කලින් බිරිද පිලිබදවත් පොලිස් පරීක්ෂණ සිදු කරන බවත් ඇය ලංකාවට ආවේ කෙසේද යන්න පිළිබඳවත් පරීක්ෂණ පවත්වන බවද ඒ මහතා සඳහන් කරයි.
මිට පෙර මාකදුරේ මධූෂ්ට කතා කිරීමට දුරකතනයක් ලබා දී ඇති බවත් එම දුරකථනය ලබා දී තිබෙන්නේ ශානි අබේසේකර,රවී සෙනෙවිරත්න යන මහත්වරුන් දැනුවත්ව බව ඔප්පු වී තිබෙන බවත් ඒ පිළිබඳව සොයමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එම සම්පුර්ණ වීඩියෝව පහතින්,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...