දේශීය පුවත්

නව ආසාදිතයින් 50 දෙනෙක් අද (22) දිනයේ දී හමුවීමත් සමග මෙරට දී හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 6000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන ද 2,558ක් දක්වා ඉහළ ගියේය.

මෙරට සමස්ථ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ වන විට 6,028ක් ලෙස දැක්වෙන අතර, රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2,454ක් වේ.

අද වන විට පුද්ගලයින් 3,561ක් දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මෙරට දී හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයා ජනවාරි මස 27 වන දා වාර්තා විය. ඒ චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවකි.

කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වන්නේ මාර්තු මස 11 වන දාය. එම ආසාදිතයා සංචාරක මඟ පෙන්වන්නෙකි.

ඒ අනුව මැයි 19 වන දින වන විට මෙරට වාර්තා වන සමස්ථ ආසාදිතයින් 1000 සංඛ්‍යාව ඉක්මවා ගියේය. ජූනි මස 24 වන දින ආසාදිතයින් 2000ත්, අගෝස්තු 30 වන දින ආසාදිතයින් 3000ත් ඔක්තෝබර් 6 වන දින ආසාදිතයින් 4000 සීමාවත් ඉක්මවා ගිය අතර, ඔක්තෝබර් 13 වන දින 5000 සීමාවත් ඉක්මවා ගියේය.

ඒ අනුව දින 9ක් වැනි කෙටි කාලයක් තුළ දී මෙරට අවසන් කොරෝනා ආසාදිතයින් 1000 වාර්තා වීම සුවිශේෂි වේ.

මේ විට මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 13කි.

මේ අතර, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ පුද්ගලයින් 800කට අධික පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවය.

ඒ අනුව පුද්ගලයින් 863 දෙනෙකු දියතලාව, කුණ්ඩසාලේ, මුලතිව්, මඩකලපුව, පලාලි සහ පෙරියකාඩු යන ප්‍රදේශවල යුද හමුදාව සහ ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන ම‍්ධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More