දේශීය පුවත්

සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ඒ සම්බන්ධ වගන්තියක් 20වැනි සංශෝධනයට දානවානම් තමන්ද අත ඔසවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(22) පාර්ලිමේන්තුවේදී විසිවැනි සංශෝධන විවාදයට එක්වෙමින් කියා සිටියේය.

“තමුන්නාන්සේලා පසුගිය කාලේ මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව මතයක් හැදුවා. ත්‍රස්තවාදීන් කියලා ඒකට විරුද්ධව සිංහල බෞද්ධ ජනතාව එක තැනකට එකතු කළා. හැබැයි එහෙම මතයක් හදලා තමුන්නාන්සේලා අධිකරණ ඇමැති දැම්මේ මුස්ලිම් ජාතිකයෙක්. බුද්ධි අංශ ප්‍රධානියා මුස්ලිම් ජාතිකයෙක්. දවසක් ආරක්ෂක ලේකම් කියනවා හමුදාවේ හිටපු හොඳම නිලධාරියා මුස්ලිම් ජාතිකයෙක් කියලා.

සිංහල බෞද්ධ ජනතාව රවට්ටලා එහෙම කරන්න එපා. සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ඒ වගන්තියක් දාන්න 20වැනි සංශෝධනයට. අපිත් කැමැත්ත දෙනවා. හැබැයි ඒ වගේම අනෙක් ජාතීන්ගේ අයිතියටත් ගරු කරන්න.” යනුවෙන්ද පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“ඊයේ මෙතන මන්ත්‍රීවරයෙක් කථා කළා හමුදාවේ අයට විරුද්ධව. හමුදාවේ අයට ඒ ගොල්ලන්ගේ මානසිකත්වයට ඒ අයට දේශපාලනය කරන්න බෑ කියලා. හමුදාවේ අය ඉන්නවා ජනාධිපතිවරු වෙච්චි අය. ඒ නිසා එ වගේ කතා කියන්න එපා. මේ වගේ මෝඩ කතා කියන මිනිස්සු ඉන්නවා අපේ පැත්තෙත්. අනෙක් පැත්තේ කෙනෙක් කිව්වා හමුදාපති කෙනෙක් හමුදාවේ සෙබළියෝ දූෂණය කළා කියලා. යුද හමුදාව කියන්නේ ඉතා පිරිසිදු තැනක්. ඒ කියපු පුද්ගලයා දුම්රියේ වඩේ විකුණපු කෙනෙක්. වඩේ අස්සේ ගංජා තියාගෙන විකුණුවා. එයා තමයි වඩේ විකුණද්දී ස්ත්‍රීන් දූෂණය කළේ. ඒ පුද්ගලයාට මම කියන්නේ හමුදාවට අපහාස කරන්න එපා.”



One thought on “‘සිංහල බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කරනවානම් මාත් එනවා‘”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More