20 වන සංශෝධනයට එරෙහිව ජන්දය භාවිතා කිරීමට මීට ප්‍රථම පැවැති කණ්ඩායම් රැස්වීමේදී ගත් තීන්දුව කඩ කරන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.
අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වී ඇති සමගි ජන බලවේගයේ විශේෂ රැස්වීමකදී මෙම තීන්දුව ගෙන තිබේ.
මෙහිදී මන්ත්‍රීවරුන් විමසා ඇත්තේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු 20ට සහාය දීමට සූදානමින් සිටින බවට ඇතැම් මාධ්‍ය වාර්තා කොට ඇති බවකි.
එහිදී මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කොට ඇත්තේ පක්ෂ තීන්දුව කඩකරමින් කටයුතු කරන මන්ත්‍රීවරයෙකු වේ නම් ඔහු හෝ ඇය පක්ෂයෙන් ඉවත් කිරීමට නියත වශයෙන්ම කටයුතු කරන බවකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...