දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් ඊයේ (11) දිනයේදී සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ එම කැබිනට් අමාත්‍ය ධූර සඳහා තාවකාලිකව නව අමාත්‍යවරු පත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා පත්කර තිබේ.

අපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා පත්කර ඇති අතර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ෆයිසර් මුස්තාෆා මහතා පත්කර තිබේ

මේ අතර සමාජ සවිබල ගැන්වීම් සුබසාධන කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය සහ කම්කරු හා කම්කරු සබඳතා පිළිබඳ අමාත්‍යවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා පත්කර තිබේ.

මෙලෙස පත්කර ඇති නව අමාත්‍යවරුන්ට දැනට දරණ අමාත්‍යධූරවලට අමතරව තාවකාලිකව මෙම අමාත්‍යධූර හිමිවන අතර පූර්ණ කැබිනට් සංශෝධනයක් සිංහල හින්දු අලුත් අවුරුද්දට පසු සිදු කිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More