දේශීය පුවත්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැක්වූ විරෝධතා වලදී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ඉල්ලීම හැර අන් ඉල්ලීම් සියල්ලම දිනා ගැනීමට හැකි වූ බව ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, නව වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ආදී පක්ෂ තීරණය කළ බව එම පක්ෂවල නියෝජිතයින් මීට ටික වෙලාවකට පෙර මාධ්‍ය හමුවක් කැඳවමින් දැනුම් දෙන ලදී.

එනිසා තම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 20 වන සංශෝධනයට පක්ෂව ජන්දය ප්‍රකාශ කරන බවද එහිදී ප්‍රකාශ කරන ලදී.

තමාගේ දෙවැනි පදවි ප්‍රාප්තියට එනම් 2021 නොවැම්බර් මසට පෙර තුන්වැනි ජනරජ ව්‍යවස්ථාව හදුන්වා දෙන බව තම පාර්ශවයන්ට පොරොන්දු වූ බවත්, එහිදී ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තිබෙන බාධකය යලිත් පනවන බවට ජනපතිවරයා පොරොන්දු වූ බවත් එහිදී  ජනපතිවරයා හැඟීම්බර ප්‍රකාශයක් කළ බවද ගම්මන්පිල මහතා පැවැසීය.

ඒ සමබන්ධයෙන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ තුන්වන වර කියවීමේදී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට සහතිකයක් ලබා දෙන බවද මෙම පාර්ශව වැඩිදුරටත් සඳහන් කරන ලදී.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය ගෙන එන ලැබුවේ තමන්ව ඉලක්ක කරගෙන බැවින් එය මේ අවස්ථාවේදී ඉවත් කිරීමට තමාට එකඟ විය නොහැකි බවද ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බව එම පාර්ශව මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන ලදි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More