දේශීය පුවත්

චීනය, මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇමරිකා එක්සත් ජනපදය අත්හදා බලන කොවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන් විගස කඩිනමින් මෙරටට ගෙන්වීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ලෝකයේ රටවල් දහයක් පමණ මේ වන විට එන්නත් නිපදවීම සඳහා පර්‌යේෂණ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත් චීනය, මහා බ්‍රිතාන්‍ය හා ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට නිෂ්පාදනය කර ඇති එන්නත් සායනික මට්ටමෙන් ඔබ්බට ගොස් තුන්වැනි අදියරේ පවතින බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා පැවැසුවේය. එම එන්නත් අතුරින් චීනය හෝ මහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමුකර ඇති, චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නතක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 60,000කට අත්හදා බලා ඇත. එම පුද්ගලයන් රටවල් 10ක ජාතීන් 125කට අයත් බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීමක් ලෙස එම එන්නත ලබාදී ඇති අතර මේ දක්වා කිසිවෙක් ඉන් දරුණු අතුරු ආබාධ පෙන්වා නොමැති බව වාර්තා වේ. තානාපති කාර්යාලය පවසන්නේ කොවිඩ් වයිරසයට නිරාවරණය වී ඇති වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන්, වයිරසය පැතිරීම වැළැක්වීමට කටයුතු කරන ක්ෂේත්‍රවල සේවකයන් සහ දේශසීමාවල සේවය කරන පුද්ගලයන්ට හදිසි අවශ්‍යතාවන් සඳහා එන්නත සපයා තිබෙන බවය. එය සිදුකර ඇත්තේ චීන නීතිවලට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රීතිවලට අනුකූලව බව චීනය පවසයි. චීනය පවසන්නේ මේ වසර නිමවීමට පෙර එන්නත් මාත්‍රා මිලියන 610ක් නිපදවීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි. එම ධාරිතාව 2021 වනවිට බිලියනයක් දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරයි.

පසුගිය දිනෙක චීන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන යෑන් ජිචී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු අතර එහිදී ඔහු සඳහන් කර තිබුණේ කොවිඩ් එන්නත් නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ද සහයෝගයෙන් කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More