ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනෙකු ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමගම ජාතික ආණ්ඩුව අහෝසිවී තිබෙන නිසා මෙම ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා වහාම පාර්ලිමේන්තුවෙන් අනුමැත්යක් ලබාගත යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අත්සන් කරන ලද ජාතික ආණ්ඩු ගිවිසුම පසුගිය වසරේ අගෝස්තු 22 වැනිදා වසර දෙකක කාලයකින් පසුව අවසන් වූ බවත් ඉන්පසුව ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා මේ දක්වා පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබානොගැනීම ඉතා බරපතල නීති විරෝධි තත්ත්වයක් බවද හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.
එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන 16 දෙනෙකු මෙම ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ඉතා බරපතල නීති විරෝධි තත්ත්වයක් ඇතිවී තිබෙන බවද හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පෙන්වා දෙයි.
හිටපු නියෝජ්‍ය කථානායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ16 දෙනෙකු දැඩිව මෙම ජාතික ආණ්ඩුවට විරෝධය පළකරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ අනුමැතිකින් තොරව ජාතික ආණ්ඩුවක් කිසිසේත්ම පවත්වාගෙනයාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙන බවද හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි.
වත්මන් ජාතික ආණ්ඩුව පිහිටුවීමේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහ ස්වාධින කණ්ඩායම්වල අනුමැතිය ලබානොගැනීම නීතිවිරෝධි බවත් මෙවර අනුමැතිය පාර්ලිමේන්තුවේ ලබාගන්නවානම් එය නියම ක්‍රමවේදයට ලබා/තයුතු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
මෙම නීති විරෝධි ජාතික ආණ්ඩුව ගන්නාලද තීරණ ඕනෑම වේලාවක අධිකරණයේදී අභියෝගයට ලක්කළ හැකි බවද හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...