දේශීය පුවත්

LTTE ත්‍රස්තවාදීන් ගෙන් රට මුදවා ගැනීමේ මානුෂිය මෙහෙයුමට සක්‍රිය දායකත්වය ලබා දෙමින් සිටියදී මුලතිව්, විශ්වමඩු ප්‍රදේශයේදී එල්ලවූ මෝටාර් ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා පුර්ණ අබාධිතව සිටි අභීත රණවිරුවෙකු නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදී අද දැයෙන් සමුගත් බව යුද හමුදාව නිවේදනය කර සිටියි.

1988 වර්ෂයේ ජනවාරි මාසයේ බදුල්ලේ දී උපත ලැබු දොන් දිලාන් ප්‍රසන්න දීගල්ල මාධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙක්වේ.

මානුෂිය මෙහෙයුමේ දී 58 වන සේනාංකය යටතේ මානුෂිය මෙහෙයුමට සිය දායකත්වය ලබාදුන් මෙම අභීත රණවිරුවා විශ්වමඩු ප්‍රදේශයේදී එල්ලවූ මෝටාර් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා තිබේ.

මුලික ප්‍රතිකාර සිදුකිරීමෙන් අනතුරුව පුර්ණ ආබාධිත රණවිරුවෙකු ලෙස අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර එතෙක් පටන් මෙම රණවිරුවා හට කතා කිරිමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත. තවද ආහාර ගැනීමට නොහැකි වීමෙන් මෙම රණවිරුවා බටයක් මාර්ගයෙන් දියර ආහාර ලබා දෙන ලදී.

සතුරාට එරෙහිව දක්වනු ලැබූ දක්ෂතා හේතුවෙන් මෙම රණවිරුවා උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, පුර්ණ භුමි පදක්කම, උතුරු මානුෂිය මෙහෙයුම පදක්කම, දේශපුත්‍ර පදක්කම, සේවාභිමානි පදක්කම සහ සේවා පදක්කම් වලින් පිදුම් ලබා ඇත.

රණබිමේදී ලක්වූ දරුණු තුවාල උත්සන්න වීම හේතුවෙන් අද උදෑසන නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලට ඇතුලත් කළ මෙම රණවිරුවා එහිදී දැයෙන් සමුගත් බවයි යුධ හමුදාව නිවේදනය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More