දේශීය පුවත්

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනතින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන තුරු අඛණ්ඩ විරෝධතාවක නිරත වන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ යන නාහිමිවරු පැවසූහ.

උන්වහන්සේලා එසේ පැවසුවේ ඊයේ (21 දා) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූවේ මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පෙරමුණ ගත්තේ සංඝරත්නය බවත් සංඝරත්නයේ හ`ඩට ඇහුම්කන් නොදී කටයුතු කරනවා නම් එය පරාජය කිරීමටද සංඝරත්නය පියවර ගන්නා බව ය.

ඇල්ලේ ගුණවංශ නාහිමියෝ අදහස් දක්වමින් පැවසූවේ

මේ ආණ්ඩුව හදන්න පෙරහැරේ ගියේ අපියි. හැබැයි දැන් වෙන වෙන කසකාරයෝ බෙරකාරයෝ නැට්ටුවෝ එකතුවෙලා වෙනම පෙරහැරක් යන්න හදනවා. ඊට අපි ඉඩ දෙන්නේ නැතැයි කියාය.



One thought on “විස්සෙන් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගන්නා තුරු සටන් කරනවා”

  1. 20 ද්විත්ව පුරවැසි වරම සහ ඇමරිකන් ගිවිසුම් අතර සම්බන්ධයක් තියෙනව. හැබැයි ඇත්තම කතාව සිංහලයන් නොහිතන දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ, අපේ පැරණි පොත්පත්වල තියෙන විදිහට මේ ගත වෙන 2020, 2021, 2022 යන අවුරුදු ලංකාව විශාල හැරවුමක් ගන්න යන කාලයක්ලු. මාස කිහිපයකට එහා මම තැනකට ලිව්වා කොරෝනා වලට අසුරයන්ගේ සම්බන්ධයක් තියෙනව කියල. කොරෝනා කියන වචනයත් ඔවුන්ට සම්බන්ධයි. ඉස්සර අපෙන් අරන් ගිය පුස්කොළ පොත් වල අපේ රට ගැන අනාවැකි තියෙනව. ඒවායේ තියෙන අපේ මන්ත්‍ර පවා ඔවුන් අත්හදා බලනව. ලංකාවේ දෛවය වේලාසනම ලියවිලා තියෙනව. අපිත් නොදැනුවත්වම අපි හැමෝවම මෙහෙයවන නොපෙනෙන බලවේග අපි පිටිපස්සේ ඉන්නවා. අපේ සැබෑ ඉතිහාසය මේ කාලයේ එලියට එන්න නියමිතයි. අපේ මුතුන්මිත්තන් බොහෝ දේවල් සඟවල තියෙනවා. ලංකාව තියෙන්නේ ලෝකයේ හරි මැද. හැබැයි ලංකාවේ ඇත්ත හරි මැද ඔවුන් එලි කලේ නැහැ. ඊළඟට සමහරු රාවණා ගැන විශ්වාස කරන්නේ නැහැ. රාවණාගේ විමාන වල ඉතුරු වෙච්ච ඇණයක්වත් නැත්ද බං කියලා රොටි කොල්ලෙක් තැනක අහල තිබුන. ඇණයක් නෙමෙයි, රාවණාගේ විමානයක් හම්බ වුනා එක රටකට. ඒකට මුලින් අත තියපු අය නැති වුනා. ඔවුන් ඒක ඔවුන්ගේ රටට ගෙනියන්න හැදුව. නමුත් මම දන්නා විදිහට ඒ විමානේ ඉබේම ඇක්ටිවේට් වුනා. 2015 මහින්දව බලයෙන් පහ කරන්න ඇත්තම හේතුව වුනේ, ඊට පස්සේ දුර්වල වෙන ලංකාව අල්ල ගන්න වෙන්න පුළුවන්. ඇමරිකන්කාරයා එන්නේ චීනේ හින්ද නෙමෙයි. ඊට වඩා රහස් හේතුවක් තියෙන්න පුළුවන්. මේක මම කියන්න හිටපු දෙයක් නෙමෙයි. අද මේක කියන්න හිතුනේ ඇයිද දන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සිංහල බෞද්ධයන්ට කියන්නේ. 20 පරද්දන්න! අපේ මුතුන් මිත්තන්ට පිටුපාන්න එපා.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More