දේශීය පුවත්

වත්මන් ජාතික ආණ්ඩුවේ පුර්ණ අමාත්‍යමණ්ඩල සංශෝධනය අප්‍රේල් 23 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත බව වාර්තාවේ

12 වැනිදා හෝ 13 වැනිදා පුර්ණ අමාත්‍යමණ්ඩල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබුණද විද්‍යාත්මක පදනමක් යටතේ අමාත්‍යංශවල විෂයන් වෙන් කිරීමේ කටයුතු අවසන්වී නොමැති නිසා මෙසේ පුර්ණ අමාත්‍යමන්ඩල සංශෝධනය කලයයි.

සිංහලල දෙමල අවුරුද්දෙන් පසුව ජනාධිපතිවරයා එංගලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට නියමිත අතර ජනාධිපතිවරයා යළි පෙරලා පැමිණි පසුව මෙම පුර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකිරීමට නියමිතයි.

මෙම පුර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පසුගිය කාලය තුළ අමාත්‍යධුර අහිමිවූ එක්සත් ජාතික පක්ෂයේ. දෙනෙකුට අමාත්‍යධුර ලබාදීමට නියමිත බව දැනගන්නට ඇත.

මීට අමතරව රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය ආත්‍යධුර කිහිපයකද සංශෝධනයන් සිදුවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙකු අප සමග පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩුවී තිබෙන කැබිනට් අමාත්‍යධුර හය රාජ්‍ය අමාත්‍යධුර හතර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර පහ සදහා පත්කිරීම සිදුකිරීම මෙම පුර්ණ අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී සිදුකිරීමට නියමිතයි. එම පත්කිරීම ශ්‍රි ල්කා නිදහස් පක්ෂයෙන් සිදුකිරිමට නියමිතයි.

මෙම පූර්ණ අමාත්‍යමණ්ඩල සංශෝධනයට පෙර යළිත් වරක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාතය රනිල් වික්‍රමිසංහ මහතා අතර සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාසල් ළමයෙක් දන්නා කරුණක්වත් කාංචන විජේසේකර ඇමති තුමා දන්නේ නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...


Read More

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...


Read More

රැට්ටා ඇතුලු තිදෙනෙක් තවදුරටත් රිමාන්ඩ් හතර දෙනෙකුට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...


Read More