දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර ඊයේ (21) රාත්‍රීයේ පැවැති අතිවිශේෂ සාකච්ජාව කිසියම් එකගතාවයකින් යුතුව අවසන් වී ඇති බව දැනගන්නට තිබේ.

මෙම සාකච්ජාවට අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල මෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්ෂ, අසංක නවරත්න, වීරසුමන වීරසිංහ සහ ටිරාන් අලස් යන මහත්වරුන් සහභාගී වී සිට ඇති බව දැනගන්නට තිබේ.

මෙහිදී දැනට අර්බූදයකට ලක්ව ඇති ද්විත්ව පුරවැසිභාවයේ වගන්තිය සම්බන්ධයෙන් පිරිස අතර දීර්ඝව අදහස් හුවමාරු වී ඇති බව වාර්තා වේ.

එම සාකච්ජාවේදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් යම් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවක්ද දැනගන්නට ඇත.

කෙසේවෙතත් මෙම සාකච්ජාවේ ප්‍රතිපල සම්බන්ධයෙන් අද (22) පෙරවරු 10.30ට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ප්‍රවෘත්ති සාකච්ජාවක් කැදවා රටට කරුණු කීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More