නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහන ධාවනය සිදුකිරීමට බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අද (21) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායනය ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මෙම ඇඳිරි නීතිය සඳුදා අලුයම 05 දක්වා ක්‍රියාත්මක බවය.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින්ට සහ උසස් පෙළ විභාගය සඳහා පෙනි සිටින සිසුන්ට නිරෝධායන ඇඳිරි නීතිය බලපැමක් නොවන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
“කර්මාන්ත ශාලා දෙක තුනක සේවකයින් එකට ප්‍රවාහනය කරන්න අවසරයක් ලැබෙන්නේ නැහැ. එහෙම කරොත් ඒක නිරෝධායන නීතිවලට පටහැනියි. “
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...